ගෝලීය කොරෝනා ආසාදිතයින් 6 කෝටි 79 ලක්ෂය ඉක්මවයි

දෙසැ 08, 2020

    ගෝලීය කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද වන විට හය කෝටි 79 ලක්ෂය ඉක්මවා තිබේ.

    මරණ සංඛ්‍යාව 15 ලක්ෂ 50,000කට අධිකයි. සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව අද දිනයේ හාර‍කෝටි 79 ලක්ෂය ඉක්මවා ගිහින්. ලොව වැඩිම ආසාදිතයින් වාර්තා වන අමෙරිකාවේ මේ වන විට ආසාදිත සංඛ්‍යාව එක්කෝටි පනස්තුන් ලක්ෂය ඉක්මවා තිබේ. අමෙරිකාවේ මරණ සංඛ්‍යාව දෙලක්ෂ අනූ දහසකට අධිකයි. දෙවනුවට ආසාදිතයින් වාර්තා වන අසල්වැසි ඉන්දියාවේ මේ වන විට අනූ හත් ලක්ෂය ඉක්මවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

    ඉන්දියාවේ මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 41,000කට ආසන්නයි. තෙවනුවට ආසාදිතයින් වාර්තා වන රට වන්නේ, බ්‍රසීලයයි. එරටින් ආසාදිතයින් 66 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 77,000ක්. මේ වන විට කොරෝනා ආසාදිතයින් ලක්ෂ 10 ඉක්මවූ රටවල් සංඛ්‍යාව 14ක්. ආසාදිතයින් ලක්ෂය ඉක්මවූ රටවල් සංඛ්‍යාව 68ක්.


    කොරෝනා මරණ ලක්ෂය ඉක්මවූ රටවල් සංඛ්‍යාව 4ක් වන අතර මරණ 50,000 ඉක්මවූ රටවල් සංඛ්‍යාව 8ක්. රටවල් 13කින් 25,000කට අධික කොරෝනා මරණ වාර්තා වන අතර රටවල් 25කින් 10,000කට අධික කොරෝනා මරණ සංඛ්‍යාවක් අද වන විට වාර්තා වෙයි.

    මරණ දහස ඉක්මවූ රටවල් සංඛ්‍යාව 78ක්. ලොව, රටවල් සහ පාලන ප්‍රදේශ 220කින් ආසාදිතයින් වාර්තා වන අතර සියලුම ආසාදිතයින් සුවය ලැබූ රටවල් සංඛ්‍යාව 9ක් ලෙසයි, වාර්තා පෙන්වා දෙන්නේ. කොරෝනා කිසිඳු මරණයක් ‍වාර්තා නොවූ රටවල් සංඛ්‍යාව 24ක්.

    Last modified on අඟහරුවාදා, 08 දෙසැම්බර් 2020 10:41

    Latest News