නවසීලන්තයේ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වන වනුෂි සිය මංගල කතාව කරයි

දෙසැ 03, 2020

    ශ්‍රී ලංකාවේ උපත ලැබූ නවසීලන්තයේ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වන වනුෂි වෝල්ටර්ස් ඊයේ සිය මංගල පාර්ලිමේන්තු කතාව පැවැත්වූවාය.

    එහිදී ඇය සිංහල හා දෙමළ භාෂාවලින් ආචාර කර සිය දේශනය ඇරඹීම විශේෂත්වයක්. සාරියකින් සැරසී පාර්ලිමේන්තු සැසිවාරයට එක්වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මන්ත්‍රීවරියට ලැබු‍ණේ උණුසුම් පිළිගැනීමක්.

    වනුෂි වෝල්ටර්ස්, නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ පසුගිය ඔක්තෝබර් මාසයේ මහ මැතිවරණයේදී "අපර්හාබර්" ආසනය නියෝජනය කරමින්. වෘත්තියෙන් මානව හිමිකම් නීතිඥවරියක වන ඇය 1981 වසරේ කොළඹදී උපත ලැබූ තැනැත්තියක්. වනුෂි මෙරට ප්‍රථම ස්ව‍දේශික කොළඹ නගරාධිපතිවරයා වූ රත්නසෝති සරවනමුත්තු‍ගේ මිනිපිරියයි.

    මංගල පාර්ලිමේන්තු දේශනයේ දී මානව හිමිකම් ‍පිළිබඳව විශේෂ සඳහනක් කළ ඇය, සිය ඥාතියෙකු වූ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා 1990 වසරේදී ඝාතනයට ලක්වීමෙන් සිය පවුලට ඇති වූ බලපෑම් ගැනද සිහිපත් කළාය.

    Latest News