icc

බොලිවුඩ් නළු සනී ඩියෝල්ට කොරෝනා

දෙසැ 03, 2020

    බොලිවුඩ් රංගන ශිල්පියෙකු මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සනී ඩියෝල් හට කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී තිබේ.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    64 හැවිරිදි සනී ඩියෝල් උරහිසෙහි ඇති වූ ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර සිදුකළ පරීක්ෂාවකදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

    තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර මේ වනවිට නිරෝධායනය සඳහා යොමුව ඇති බව සනී ඩියෝල් ප්‍රකාශ කර ඇත.

    එමෙන්ම තමන් සමීපව ඇසුරු කළ පුද්ගලයින්ට ද නිරෝධායනය සඳහා යොමුවීමට පියවර ගන්නා ලෙස ඔහු සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබේ.

    Latest News