ෆයිසර් එන්නත මාර්තු වන විට

දෙසැ 03, 2020

    ඔස්ට්‍රේලියාවේ ඖෂධ නියාමක ආයතනය කෙරෝනා වෛරසයට එරෙහි ෆයිසර් එන්නත පිළිබඳ පරීක්ෂණ ජනවාරි මාසය වන විට සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙයි.

    එරට බලධාරීන් පවසන්නේ,අදාළ පරීක්ෂණ වාර්තාවලට අනූව ලබන වසරේ මාර්තු මස වන විට එන්නත් ලබාදීම ආරම්භ කළ හැකිවනු ඇති බවයි. බ්‍රිතාන්‍ය, අමෙරිකානු එන්නත් සමාගමක් වන ෆයිසර් සමා‍ගමේ 95%ක සාර්ථකත්වයක් සහිත එන්නත පළමුවරට මහජන භාවිතය සඳහා අවසර ලබාදී තිබේ.

    ඒ අනූව කො‍රෝනා වෛරසයට එරෙහි එන්නතක් මහජන භාවිතය සඳහා අනුමත කළ පළමු රට බවට පත් වන්නේ,බ්‍රිතාන්‍යයයි.

    අමෙරිකාව ද කිසිඳු එන්නතක් සඳහා මෙතෙක් සිය අනුමැතිය ලබාදී නොමැති අතර,ෆයිසර් සමාගමේ එන්නතට තවත් සතියක පමණ කාලසීමාවකින් පසු අනුමැතිය ලබාදෙනු ඇති බවටයි, අදාළ සමාගම අපේක්ෂා කරන්නේ.

    ෆයිසර් එන්නත හැකි ඉක්මණින් ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ඕස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලන ප්‍රධානී ජෝන් ස්කෙරිට් පවසයි.

    Latest News