අගමැතිනියට විශ්වාසභංගයෙන් ජය

ජන 17, 2019

    ස්වාර්ථය පසෙකලා බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා එක්ව ක්‍රියා කරන්නැයි, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ එරට ජනතා නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියි.

    බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී පැවති විශ්වාසභංගය ජය ගැනීමෙන් අනතුරුව, ජනමාධ්‍ය අමතමින් ඇය මේ බව කියා සිටියාය. විශ්වාසභංගයෙන් ජයග්‍රහණය කිරීමට අග්‍රාමාත්‍යවරියට පක්ෂව ඡන්ද 325ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 306කි. කෙසේ වෙතත් ඊට පැය 24කට පෙර අග්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ බ්‍රෙක්සිට් සැලසුම පාර්ලිමේන්තුව හමුවේ දරුණු පසුබෑමකට ලක්විය.

    ජනතා අභිලාෂයන් මුදුන්පත් කරමින් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ක්‍රියා කරන බව, අග්‍රාමාත්‍යවරිය යළි අවධාරණය කරයි.

    Latest News