නයිරෝබි ප්‍රහාරයෙන් 7ක් මරුට

ජන 16, 2019

    කෙන්යාවේ - නයිරෝබි නුවර සුඛෝපභෝගී හෝටලයකට සටන්කාමීන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

    ඊයේ එල්ල වූ ප්‍රහාරයෙන් 07 දෙනෙක් මිය ගියහ. කෙන්යාවේ නයිරෝබි අගනුවර පිහිටි ඩුසිට්ඩී-ටූ හෝටලයට මෙම ප්‍රහාරය එල්ල විය. තුවාල ලැබූවෝ රෝහල් ගත කළහ. වෙඩි හඩ හා පිපිරුම් හඩ දැක්වෙන වීඩියෝ පට ද මාධ්‍ය වෙත නිකුත් වී තිබේ. සෝමාලියාව පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායමක් වන අල්ෂබාබ් සංවිධානය මෙම ප්‍රහාරය පිටුපස සිටින බව වාර්තා වේ.

    තුවක්කු රැගත් සිව් දෙනෙක් හෝටල් සංකීර්ණයට ඇතුළු වූ බව ඇසින් දුටුවෝ පවසති. කෙන්යානු වේලාවෙන් පස්වරු 3.00ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 14ක් බව ඇතැම් විදෙස් මාධ්‍යවල සඳහන් වී තිබේ.

     

    Last modified on බදාදා, 16 ජනවාරි 2019 11:23

    Latest News