ධවල මන්දිරයේ ARFR ගැටලුවෙන් කෑම හිඟයක් (වීඩියෝ)

ජන 15, 2019
  • ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරය තුළ ක්ෂණික ආහාර සංග්‍රහයක් පවත්වයි.

    රජයේ කටයුතු අඩපණවීම පිළිබඳව දොස් නගමින් ඔහු මෙම ක්‍රියාව සිදු කොට ඇත. ජයග්‍රාහී පාසල් පාපන්දු කණ්ඩායමක් පිලිගැනීමේ උත්සවයක දී මෙම සංග්‍රහය පවත්වා ඇත්තේ බර්ගර් 300ක් ඇතුළු විවිධ කෑම වර්ග විශාල ප්‍රමාණයක් ඇනවුම් කරමිනි. මේ සඳහා වියදම ඔහු විසින් දරා ඇති බවද සඳහන් වේ.

    අමෙරිකානු රජයේ කටයුතු අඩපණ වීම රාජ්‍ය සේවකයින් ලක්ෂ 8කට බලපා ඇත.

    ඇතැම් සේවකයින්ට අනිවාර්ය නිවාඩු යාමක් හෝ වැටුප් රහිත සේවා කිරීමට සිදුව ඇත. ගුවන් ගමන් පාලකවරුන් සහ රහස් ඔත්තු සේවයේ නිලධාරීන් වේතන නොමැතිව සේවයේ යෙදී සිටී.

     105184978 e62a6c2d 5505 4aa9 9e2b 3062008f7668 105184962 hi051643757 105184964 hi051643710

    Last modified on අඟහරුවාදා, 15 ජනවාරි 2019 17:13

    Latest News