ස්පාඤ්ඤය හදිසි නීතිය පනවයි

ඔක් 26, 2020

    නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල පාලනය කිරීමේ අරමුණින් ස්පාඤ්ඤය ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර රටටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇත.

    ස්පාඤ්ඤය මෙලෙස නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා හදිසි නීතිය ප්‍රකාශයට පත් කළේ දෙවැනි වරටය.

    මෙම නව හදිසි නීතිය ලබන මැයි මස මුල ක්‍රියාත්මක වන බව ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චේස් පැවැසීය.

    රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා ඒ බව නිවේදනය කළේය.

    “අපි දැන් මුහුණ දී සිටින තත්ත්වය දරුණු” යැයි එහිදි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

    ඇඳිරි නීතිය පැනවීමටත් හදිසි නීතිය පැනවීමටත් තීරණය කර ඇත්තේ ඊයේ (25) උදෑසන පැවැති කැබිනට් හමුවේදීය.

    Latest News