දෙවන වරටත් නවසීලන්ත අග‍්‍රාමාත්‍ය ධූරයේ වගකීම ජසින්ඩාට

ඔක් 18, 2020

    නවසීලන්ත මහ මැතිවරණයෙන් අග‍්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් අත්කර තිබෙනවා.

    ප‍්‍රකාශිත ඡන්ද වලින් සියයට 87ක් ගණන් කර අවසන් වනවිට අග‍්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන්ගේ කම්කරු පක්ෂයට හිමිව ඇති ඡන්ද ප‍්‍රතිශතය සියයට 49ක්.

    ඇයගේ ප‍්‍රධානතම ප‍්‍රතිවාදී පක්ෂය වන දක්ෂිණාංෂික ජාතික පක්ෂය හිමි කරගෙන ඇත්තේ, සියයට 27ක ඡන්ද ප‍්‍රතිශතයක් පමණයි.

    1996 වසරේදී හඳුන්වාදුන් නවසීලන්තයේ නව ඡන්ද ක‍්‍රමය අනුව, එරට මැතිවරණ ඉතිහාසයේ ඕනෑම පක්ෂයක් ලබාගෙන ඇති ඉහළම ප‍්‍රතිඵලය අග‍්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් කම්කරු පක්ෂය මෙවර හිමිකරගෙන ඇති බවයි, විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

    ඒ අනුව, දෙවන වරටත් නවසීලන්ත අග‍්‍රාමාත්‍ය ධූරයේ දැරීමේ අවස්ථාව ජසින්ඩා ආඩන්ට හිමි වනවා.

    විදේශයන්හි වෙසෙන නවසීලන්ත වැසියන් ඇතුලූ විශේෂ ඡන්ද ගණන් කිරීමෙන් පසු නවසීලන්ත මහමැතිවරණයේ අවසන් ප‍්‍රතිපලය තවත් සති තුනකින් නිකුත් කිරීමට නියමිතයි.

    Latest News