ඛේටයෙන් කොරෝනා දැයි සොයා ගැනීමේ ක්‍රමවේදයක්

ඔක් 15, 2020

    යම් පුද්ගලයෙක් කොරෝනා වයිරස ආසාදිතයෙකුදැයි ඛේට සාම්පලයක් මගින් සොයා ගැනීමේ ක්‍රමවේදයක් ප්‍රංශ පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන තිබෙනවා.

    වයිරසය ආසාදනයවී ඇත්දැයි සෙවීමට මෙතෙක් භාවිත කළ ක්‍රමවේදය යම් තරමක අපහසුතාවයක් ඇති කරවන ක්‍රියාවලියක් බවයි, බොහෝදෙනාගේ අදහස වී ඇත්තේ.

    ප්‍රංශ පර්යේෂණ කණ්ඩායම් විසින් සොයා ගත් ඊසී කොව් නම් වූ මෙම නව ක්‍රමවේදය මගින් ඛේට සාම්පලයක් ලබාගෙන විනාඩි 40 ක් වැනි කාලයක් තුළදී අදාළ පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු දැයි සොයා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි, වාර්තා වන්නේ.

    ඕනෑම ස්ථානයකදී මෙම පරීක්ෂාව කරගත හැකිවීම විශේෂත්වයක්.

    මෙම ක්‍රමවේදය ප්‍රංශ සෞඛ්‍ය නියාමන අංශයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවයි, වාර්තා වන්නේ.

    Latest News