සෞරග්‍රහ මණ්ඩලය ඈතින් ගුප්ත සංඥාවක්

ජන 12, 2019

    සෞරග්‍රහ මණ්ඩලයට ඉතා ඈතින් පිහිටි මන්දාකිණියකින් විහිදුවන ගුප්ත සංඥා කිහිපයක් කැනඩාව දුරේක්ෂයක සටහන් වී ඇතැයි, තාරකා විද්‍යාඥයින් පවසති. 

    මෙම සංඥා නැවත නැවතත් විහිදී ඇති අතර,එවැනි සංඥා 13ක් මේ වන විට හඳුනාගෙන ඇත.  කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාහි චයින්ම් නමැති දුරේක්ෂයේ සටහන් වී ඇති මෙම දත්ත සම්බන්ධව තාරකා විද්‍යාඥයෝ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.  මෙම තරංගවල ස්වභාවය හෝ එය ඇති වූ අාකාරය පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.

    මීට පෙරද මෙවැනි තරංග හඳුනාගෙන ඇති නමුත්, ඒවා නිකුත් වී ඇත්තේ එක් වරක් පමණක් බැවින් නැවත නැවතත් සටහන් වීම අසාමාන්‍ය බව, විද්‍යාඥයෝ පවසති.

    Last modified on සෙනසුරාදා, 12 ජනවාරි 2019 16:25

    Latest News