ඉරානයට පැනවූ සම්බාධක නිසා දෙරට උණුසුම්

සැප් 21, 2020

    අමෙරිකාව, ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමට තීරණය කිරීම හේතුවෙන් දෙරට අතර පැවති මතභේදකාරී තත්වය තවදුරටත් උත්සන්න වී තිබේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගියදා ප්‍රකාශ කළේ, ඉරානයට එරෙහිව ඒකපාර්ශවිකව සම්බාධක පැනවීමට අමෙරිකාව කටයුතු නොකළ යුතු බවයි. අමෙරිකාව ප්‍රකාශ කර ඇත්තේ,එක්සත් ජාතීන්ගේ අනුමැතියකින් තොරව ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමට පසුබවට නොවන බවයි.

    කෙසේ වුවත් ඉරාන ජනාධිපති හසන් රවුහානි සඳහන් කළේ, අමෙරිකාව එවැනි තීරණයකට එළඹෙන්නේ නම් ඊට දැඩි ප්‍රචාර දැක්වීමට තම රජය කටයුතු කරන බවයි.

    ඉරාන ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ එරට කැබිනට් මණ්ඩලය සමග පැවති විශේෂ සාකච්ජාවකදී. එහිදී ජනාධිපති රවුහානි වැඩිදුරටත් සඳහන් කළේ,ඒකපාර්ශවික සම්බාධක පැනවීමට විරුද්ධව අමෙරිකාවට එරෙහිව නැගී සිටීම පිළිබඳ ලෝක නායකයින්ට සිය ස්තූතිය පළ කරන බවයි.

    Last modified on සදුදා, 21 සැප්තැම්බර් 2020 11:06

    Latest News