ලොවපුරා කොවිඩ්-19 මරණ 950,000ක සීමාවට

සැප් 19, 2020

    ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 30,387,551ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (19) අලුයම වාර්තා කරයි.

    එසේම, මේ වන විට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යව 949,686ක් බව ද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 20,675,487කට ආසන්න පිරිසක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති බව ද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

    Last modified on සෙනසුරාදා, 19 සැප්තැම්බර් 2020 11:58

    Latest News