අමෙරිකාව ටික් ටොක් තහනමකට සැරසෙයි

සැප් 19, 2020

    චීනය විසින් හිමිකාරීත්වය දරණ ටික් ටොක් සහ වී චැට් යන සමාජ මාධ්‍ය ඇප් තහනම් කිරීමට අමෙරිකාව සූදානම් වන බව වාර්තා වෙයි.

    හෙට සිට මෙම තහනම පැනවෙනු ඇති බවයි, විදෙස් වාර්තා පවසන්නේ.

    ඒ අනුව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ පූර්ණ එකගත්වය මත අමෙරිකාව තුළ ටික් ටොක් සහ වී චැට් භාවිතය තහනම් වනු ඇති.

    එම තහනමත් සමග අමෙරිකානුවන් හට ටික් ටොක් හා වී චැට් යෙදුම් බාගත කිරීමට හෙවත් ඩවුන්ලෝඩ් කිරීම නොහැකි වන අතර ඒවා හරහා පණිවිඩ යැවීම සහ වීඩියෝ බෙදාගැනීමට ද නොහැකි වෙයි.

    Last modified on සෙනසුරාදා, 19 සැප්තැම්බර් 2020 12:01

    Latest News