‘වයි පී ජී‘ සටකාමීන්ට අමෙරිකාව - තුර්කිය අර්බුදයක

ජන 09, 2019
    සිරියාව තුළ සටන්වැද සිටින කුර්දි සටන්කාමීන් ආරක්‍ෂා කර දෙන ලෙස අමෙරිකා එක්සත් ජනපදය කළ ඉල්ලීම, තුර්කි ජනාධිපතිවරයා දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කර ඇත.
    අමෙරිකා ජාතික ආරක්‍ෂක උපදේශක ජෝන් බෝල්ටන් සති අන්තයේ ඉදිරිපත් කළ එම ඉල්ලීම පිළිගත නොහැකි බව තුර්කි ජනාධිපති තායිප් එර්ඩොගාන් පවසා තිබේ. අමෙරිකානු රැකවරණ යටතේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එරෙහිව සටන්වැද සිටින කුර්දි අතුරු හමුදා, තුර්කිය විසින් ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කරනු ලැබ සිටිති. 
    අමෙරිකානු හමුදා සිරියාවෙන් ඉවත්ව යාමත් සමඟ ‘වයි පී ජී‘ යනුවෙන් හඳුවන එම අතුරු හමුදා ආරක්‍ෂාවට තර්ජනයක් වී ඇති බව තුර්කිය පවසයි. 
    Last modified on බදාදා, 09 ජනවාරි 2019 11:59

    Latest News