රුසියාව සොයා ගත් කෝවිඩ් එන්නත නිෂ්පාදනයට බ්‍රසීලය සැරසේ

අගෝ 13, 2020

    රුසියාව නිෂ්පාදනය කළ මතභේදාත්මක කෝවිඩ්  - 19 සඳහා වූ එන්නත 2021 වසරේ මැද භාගයේ සිට තම රටේ ද නිෂ්පාදනය කිරීම ආරම්භ කරන බව බ්‍රසීලය පවසයි.

    ලොව ප්‍රථම කෝවිඩ් එන්නත නිෂ්පාදනය කළ බව රුසියාව මීට දින දෙකකට පෙර නිවේදනය කළා.

    ඉහළ ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වන ලොව දෙවන රට ලෙස බ්‍රසීලය පවසන්නේ තම රට තුළ රුසියානු එන්නත අත්හදා බැලීමට අවස්ථාව සළසා දීමට ද සූදානම් බවයි.

    මේ අතර, රුසියාව නිෂ්පාදනය කළ කෝවිඩ් වෛරසය සඳහා වූ එන්නත ඵලදායී සහ ආරක්ෂිත බව ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බව ඇමෙරිකාවේ වසංගත රෝග අංශයේ විශේෂඥ, වෛද්‍ය ඇන්තනී ෆෝචි පවසනවා.

    ලොව ප්‍රථම කෝවිඩ් වෛරසය සඳහා වූ එන්නත නිපදවූ බවට රුසියාව නිවේදනය කිරීමත් සමග වෛද්‍ය ඇන්තනී ෆෝචි මෙලෙස තම අදහස් දැක්වූවා.

    රුසියාව නිෂ්පාදනය කළ එන්නත පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය ද තවමත් සැක පළකරන බවයි, ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

    කෙසේ වෙතත් රුසියාවේ එන්නත සඳහා අද වනවිට ලොව රටවල් විස්සකින් මාත්‍රා බිලියන ගණනක් සඳහා ඇනවුම් ලබාදී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

    Latest News