ඇමසන් ගිනි තබා විනාශකරන බවට ප්‍රචාර අසත්‍යයයි

අගෝ 13, 2020

    බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය ගිනි තබා විනාශ කරන බවට පැතිර යන ප්‍රචාර මුලුමනින්ම අසත්‍ය බව බ්‍රසිල ජනාධිපති ජාර් බොල්සොනාරෝ පවසයි.

    මේ මස ආරම්භයේ සිට ඇමසන් වනාන්තරයේ ගිනිගැනීම අන්කවරදාකටත් වඩා ඉහළ යමින් පැවතිය දී ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම හාස්‍යයට කරුණක් බවයි පරිසර විශේෂඥයන් පවසන්නේ.

    ඇමසන් වනාන්තරයේ පවතින ගිනි ගැනීම්වලට ජනාධිපති බොල්සොනාරෝට සෘජුවම චෝදනා එල්ල වෙයි. ගෝලීය ඔක්සිජන් අවශ්‍යතාවයෙන් සියයට 20කට වැඩි ප්‍රමාණයක් සපයා දෙන ඇමසන් වනාන්තරය පෘථිවියේ පෙණහළු ලෙසයි, සැලකෙනනේ. කෙසේ වුවත්, පසුගිය කාලය පුරා ඇමසන් වනාන්තරය දැඩි අවදානමකට ලක්වුණේ එහි ඇති වූ ගිනි ගැනීම් හේතුවෙන්.

    Latest News