මෙක්සිකෝව කොරෝනා මරණ අතින් ලොව 3වැනි තැනට

අගෝ 01, 2020

    කොරෝනා වෛරස මරණ වැඩිම සංඛ්‍යාවක් සිදුවූ රටවල් අතුරින් මෙක්සිකෝව මේ වන විට තෙවැනි තැනට පත්ව තිබේ.

    ඒ එරට කොරෝනා මරණ සංඛ්‍යාව 46,688 දක්වා ඉහළ යාමත් සමගයි. එරට මුළු ආසාදිත සංඛ්‍යාව හාර ලක්ෂ 24,637ක්. කොරෝනා මරණ අනුපාතය අනූව මෙතෙක් ලොව තුන්වැනි තැන රැඳී සිටියේ මරණ 46,204ක් සිදුවූ මහා බ්‍රිතාන්‍යයයි.

    මෙක්සිකෝවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව ද නිල සංඛ්‍යාවට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගනු ඇති බව එරට බලධාරීන් පවසයි. ආර්ථික අර්බුදයකට මුහුණ දෙන මෙක්සිකෝව පසුගිය මැයි මාසයේ සිට රට නැවත විවෘත කිරීම ආරම්භ කළ අතර, ජුනි මාසය වන විට කම්හල් සේවකයන් සියල්ලන්ම පාහේ සේවයට පැමිණියේය. කෙසේ නමුත්, මෙක්සිකෝවේ කොරෝනා වෛරස ව්‍යාප්ති කේන්ද්‍රය වන්නේ මෙම කම්හල් බව සඳහන්.

    Last modified on සෙනසුරාදා, 01 අගෝස්තු 2020 17:11

    Latest News