Beidou - 3 චන්ද්‍රිකා මඟපෙන්වීම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඇරඹේ

ජූලි 31, 2020

    Beidou - 3 චන්ද්‍රිකා මඟපෙන්වීම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය ආරම්භ කරන බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කරයි.

    චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයා ද වන ෂී ජින්පිං මහතා ඒ බව ප්‍රකාශ කළේ අද (31) බෙයිජිංහි පැවති Beidou - 3 චන්ද්‍රිකා මඟපෙන්වීම් පද්ධතිය ආරම්භ කිරීමේ උළෙලට සහභාගි වෙමිනි.

    ඒ සමගම චීනයේ ස්වයං සංවර්ධනය, ස්වාධීන ලෙස ක්‍රියාත්මක කෙරෙන වැදගත් අභ්‍යාවකාශ යටිතල පහසුකමක් වන Beidou - 3 චන්ද්‍රිකා මඟපෙන්වීම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය ආරම්භ කෙරිණ.

    චීනය Beidou චන්ද්‍රිකා මඟපෙන්වීම් පද්ධතියේ සංවර්ධනය සඳහා වසර 26ක් වැය කර ඇත.

    එහි කේන්ද්‍රීය කොටස් සියයට 100ක් චීන නිෂ්පාදිතයන්ය.

    මීටර් 10ක නිරවද්‍යතාව ඇති ස්ථානගත කිරීමේ සේවාව එම පද්ධතිය මගින් ලෝක සේවාදායකයින් වෙනුවෙන් සලසා දිය හැකිය.

    මේ වනවිට රටවල් 137ක් Beidou චන්ද්‍රිකා මඟපෙන්වීම් පද්ධතිය සමග සහයෝගතා ගිවිසුම්වලට අත්සන් තබා ඇත.

    Latest News