චීනයෙන් ආසාදිතයින් 127ක්

ජූලි 31, 2020

    එක්කෝටි හැත්තෑ හතර ලක්ෂ හැත්තෑ හතර දහස ඉක්මවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් අද වන විට ගෝලීය වශයෙන් වාර්තා වී තිබේ. ගෝලීය වශයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව හය ලක්ෂ හැත්තෑ හය දහස ඉක්මවා ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.

    ඊයේ දිනයේ දී පමණක් ගෝලීය වශයෙන් නව ආසාදිතයන් දෙලක්ෂ අසූ හත් දහස් එකසිය හතළිස් හයක පිරිසක් වාර්තා විය. ප්‍රතිකාර ලබන සංඛ්‍යාව පනස් අට ලක්ෂ හැට දහසකට අධිකයි.

    කොරෝනා වෛරසය මුල්වරට වාර්තා වූ චීනයේ නව කොරෝනා ආසාදිතයන් 127 දෙනෙක් අද වාර්තා විය. එරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 84,000කට අධිකයි. අද වන විට චීනයේ වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 4,634ක්.

    Last modified on සිකුරාදා, 31 ජූලි 2020 11:31

    Latest News