සෞඛ්‍ය පිළිවෙත් මැද ඉන්දුනීසියාවේ යාඥා මෙහෙය ඇරඹේ

ජූලි 31, 2020

    දැඩි සෞඛ්‍ය පිළිවෙත් මධ්‍යයේ ඉන්දුනීසියානු මුස්ලිම් බැතිමතුන් ඉද් සමයේ ප්‍රථම යාඥා මෙහෙයක් ආරම්භ කළේය.

    බැතිමතුන් දහස් ගණනින් තම පූජා ස්ථාන සඳහා පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මුහුණු ආවරණ පැළඳීම හා ශරීර උෂ්ණත්ව පරීක්ෂා කිරීම සෑම මුස්ලිම් දේවස්ථානයකම සිදු කර ඇති අතර, යාඥාවන් අතරතුර සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට උපදෙස් ලබාදී ඇති බවයි, වාර්තා වන්නේ.

    අනෙකුත් වසරවලට වඩා මෙවර ආගමික උත්සව කෙටි කාලයක දී පවත්වන ලෙසට එරට ආගමික අමාත්‍යාංශය මුස්ලිම් දේවස්ථාන සඳහා උපදෙස් ලබාදුන්නේය.

    අද වන විට ඉන්දුනීසියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ හය දහසකට අධිකයි. එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 5,000 ඉක්මවයි.

    Last modified on සිකුරාදා, 31 ජූලි 2020 11:01

    Latest News