අමෙරිකාවේ පැය 24ට ආසාදිතයින් 68,569ක්

ජූලි 31, 2020

    අමෙරිකාව තුළ ගතවූ පැය 24ට නව කොරෝනා ආසාදිතයන් 68,569 දෙනෙක් වාර්තා විය. එරට ආසාදිතයන් සංඛ්‍යාව 46 ලක්ෂ 34,000 ඉක්මවා ඇති බවයි, වාර්තා වන්නේ.

    අමෙරිකාව තුළ වෛරසය ප්‍රබල ලෙස පැතිර යන ප්‍රදේශ වන්නේ කැලිෆෝනියාව,ෆෝරීඩා හා ටෙක්සාස් යන ප්‍රාන්තයි. ගතවූ පැය 24 තුළ දී පමණක් අමෙරිකාව තුළින් පුද්ගලයන් 1,465 දෙනෙක් වෛරසය හේතුවෙන් මියගියේය.

    එරට වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව මේ වන විට එක් ලක්ෂ 55,000 ඉක්මවා ගොස් තිබේ. වාර්තා වී ඇති ආසාදිතයන් අතරින් තවමත් විසි එක් ලක්ෂ 94,735 දෙනෙක් ප්‍රතිකාර ලබමින් පසුවෙයි. ඉන් 18,783 දෙනෙක් දැඩි සත්කාර ඒකකය තුළ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    Latest News