ලොව කොවිඩ්19 මරණ 508,000කට අධිකයි

ජූනි 30, 2020

    ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව එක් කෝටි හාර ලක්‍ෂය ඉක්මවා තිබේ.

    මරණ සංඛ්‍යාව පන් ලක්‍ෂ 8,000කට අධිකයි. අමෙරිකාවේ ආසාදිත සංඛ්‍යාව 26 ලක්‍ෂ 81,000 ඉක්මවා තිබේ. එහි මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 28,000ක්. ලොව දෙවනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බ්‍රසීලයෙහි ආසාදිතයන් 13 ලක්‍ෂ 70,000 ඉක්මවා තිබේ. මරණ සංඛ්‍යාව 58,000ක්. ආසාදිතයින් වැඩිම රටවල් අතරින් තුන්වැනි රට වන්නේ රුසියාවයි. එය හය ලක්‍ෂ 41,000කට අධිකයි. රුසියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 9000ක්. මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්‍ෂයකට වැඩියෙන් වාර්තා වන රටවල් සංඛ්‍යාව 19ක්.

    කොරෝනා මරණ සංඛ්‍යාව 25,000 ඉක්මවූ රටවල් සංඛ්‍යාව 7ක්. මරණ සංඛ්‍යාව දහසකට වැඩි රටවල් සංඛ්‍යාව 37ක් වේ. මේ වනවිට සියලු කොරෝනා රෝගීන් සුවය ලබා සිටින රටවල් සංඛ්‍යාව 25ක්. නෞකා දෙකක් ඇතුළුව ලොව රටවල් සහ පාලන ප්‍රදේශ 215කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති අතර, ලොව කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවූ රටවල් සංඛ්‍යාව 30ක්.

    Latest News