ලොව කොරෝනා මරණ ලක්ෂ 5 ඉක්මවයි

ජූනි 29, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන්, ලොව පුරා සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව ලක්‍ෂ 05 ඉක්මවා ගොස් තිබේ.

    ඉකුත් වසරේ අග භාගයේදී චීනයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසය ආසාදිත සමස්ත රෝගී සංඛ්‍යාව මිලියන 10 ඉක්මවයි.

    ලොව පුරා කොරෝනා රෝගීන්ගෙන් අඩක් පමණ අමෙරිකාවෙන් සහ යුරෝපයෙන් හඳුනා ගැනුණි. මේ වනවිට ලොව වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වෙමින් වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ අමෙරිකාවයි. කොරෝනා වෛරසය දකුණු ආසියාවට හා අප්‍රිකානු කලාපයට ද බලපෑම් එල්ල කර ඇති අතර, ජුලි මස අවසානය වනවිට එම කලාපවල කොරෝනා බලපෑම උච්චතම අවස්ථාවට පත්වනු ඇතැයි විශේෂඥයන් පවසයි. ඉකුත් දින 06 තුළ අලුතින් කොරෝනා ආසාදිතයන් මිලියනයක් ගෝලීය වශයෙන් වාර්තාවීම විශේෂත්වයක්. වෛරසය ආසාදනය වී මෙතෙක් සුවය ලැබූ පිරිස පනස් පන් ලක්‍ෂ 56,000කට අධිකයි.

    Latest News