කරච්චි කොටස්‌ වෙළෙඳපොළට ප්‍රහාරයක්;‌ 6 දෙනෙකු මරුට

ජූනි 29, 2020

    පාකිස්ථානයේ කරච්චි නුවර කොටස්‌ වෙළෙඳපොළ පරිශ්‍රයට අද ප්‍රහාරයක් එල්ල වුනා.

    එම ප්‍රහාරයකින්‌ 6 දෙනෙකු මිය ගොස්‌ තිබෙනවා. ප්‍රහාරය එල්ල කර ඇත්තේ, නාදුනන තුවක්කුකරුවන්‌ සිව්දෙනෙක්‌.

    ප්‍රහාරය අද සිදු වූ අතර, එහි වගකීම කිසිවෙකු භාරගෙන නැහැ. තුවක්කුකරුවන්‌ සිව්දෙනා හා පොලිසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවකින්‌ ඔවුන්‌ සිව්දෙනා ඝාතනය වී ඇතැයි, මාධ්‍ය වාර්තාවල සඳහන්‌. ආරක්ෂිත කලාපයක පිහිටි කොටස්‌ වෙළෙඳපල තුළට ආයුධ රැගෙන යාම පුදුමයක් බවත්‌, එලෙස ආයුධ රැගෙන ගොස්‌ ඇත්තේ බෑග්වල සඟවාගෙන බවත් එරට පොලිසිය පවසනවා. ඉස්ලාමීය සටන්කාමීන්‌ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට සැක කෙරෙනවා.

    Latest News