චීනය ආනයනික නිෂ්පාදන පරීක්ෂාවකට ලක් කරයි

ජූනි 20, 2020

    එම පරීක්ෂණ ප්‍රතිඵල ඍණාත්මක බව චීන රේගු මහා පරිපාලනයේ නිරෝධායන පරීක්ෂණ අංශයේ උප අධ්‍යක්ෂ Song Yueqian මහතා ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

    මෑතකදී බෙයිජිංහි සිදු වූ සමූහ ආසාදනය සම්බන්ධයෙන් චීන රේගු දෙපාර්තමේන්තුව ඉහළ අවදානම් සහිත වසංගතයට මුහුණ දී සිටින රටවල් වලින් ආනයන කරන ජලජ නිෂ්පාදන, මාස්, ශීත කළ එළවළු, ජලජ සත්වයන්, අඩු උෂ්ණත්වයන් යටතේ ප්‍රවාහන කරන කාර්මික නිෂ්පාදන යනාදී ආනයනික නිෂ්පාදන සම්බන්ධයෙන් නව කොරොනා වෛරස් පරීක්ෂණ සිදුකර තිබේ.

    පරීක්ෂණ සම්පාල ප්‍රතිඵල ඍණාත්මක බවට සනාථ වී ඇත.

    රේගු දෙපාර්තමේන්තුව සෑමවිටම ජාත්‍යන්තර වසංගත තත්ත්වයන් වෙත අවධානය යොමු කරමින් අපනයනික ආහාර හරහා කොරෝනා වෛරස ආසාදනයවීම දැඩිව වළක්වන බව Song Yueqian මහතා කියා සිටියේය.

    මේ වනවිට වසංගතය පැතිර ගිය රටවල මස් සමාගම් වල නිෂ්පාදන ආනයනය කිරීම චීනය අත්හිටවා ඇත.

    Latest News