ලොව පුරා කොවිඩ් මරණ තුන් ලක්ෂ 73,000 ඉක්මවයි

ජූනි 01, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුවු මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ 73,000 ඉක්මවා ගොස් තිබේ.

    වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 62 දෙලක්ෂ 62,000කට අධිකයි. කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව ප්‍රමුඛ පෙළේ රටවල් රැසක් දැඩි බලපෑමකට ලක්ව තිබේ. ඒ අතරින් ඉදිරියෙන්ම පසු වන්නේ, ලෝක බලවතා වන අමෙරිකාවයි. එරට සමස්ත කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 18 ලක්ෂ 37,000 ඉක්මවා ගොස් ඇත්තේ, ඉකුත් පැය 24 තුළ හඳුනා ගැනුණු ආසාදිතයන් 20,350ත් සමගයි.

    එම කාලසීමාව තුළ එරට සිදුවු කොරෝනා මරණ සංඛ්‍යාව 638ක්. කෙසේ වුවත් එම පසුගිය දිනවල දිනක සිදුවු මරණ සංඛ්‍යාව සාපේක්ෂව පහළ අගයක්. මේ අනූව, එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 6,000කට අධිකයි.


    බ්‍රසීලයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 29,000 ඉක්මවා ගොස් තිබේ. ඒ ඉකුත් පැය 24 තුළ සිදුවූ කොරෝනා මරණ 480ත් සමගයි. එම කාලසීමාව තුළ හඳුනා ගැනුණු නව ආසාදිතයන් 16,409 දෙනාත් සමග එරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද පන් ලක්ෂ 14,000 ඉක්මවා තිබේ.

    Last modified on සදුදා, 01 ජූනි 2020 10:52

    Latest News