ගතවූ පැය 24 තුළ පමණක් බ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිතයින් 19,969ක්

මැයි 23, 2020

    බ්‍රසීලය තුළ ද කොවිඩ්-19 සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි.

    ගතවූ පැය 24 තුළ පමණක් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයන් 19,969ක් බ්‍රසීලයෙන් සොයාගනු ලැබීය. මෙම සංඛ්‍යාවත් සමඟ ගෝලීය වශයෙන් වැඩිම කොරෝනා ආසාදිත පුද්ගලයන් සිටින දෙවන රට බවට බ්‍රසීලය පත්ව තිබේ. මේ වනවිට බ්‍රසීලයෙන් වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 332,382ක්. එරටින් වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 21,116ක් ලෙස වාර්තාවේ.

    Latest News