එක්සත් ජනපදයේ කොවිඩ්-19 රෝගීන්ගේ ලක්‍ෂ 16 ඉක්මවයි

මැයි 23, 2020

    එක්සත් ජනපදයේ කොවිඩ්-19 රෝගීන්ගේ සංඛ්‍යාව, ලක්‍ෂ 16 ඉක්මවා තිබේ.

    ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය, පෙන්වා දෙන දත්ත අනුව ඊයේ පමණක් අමෙරිකාව තුළ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 24,197ක්.

    කොවිඩ්-19 රෝගය හේතුවෙන් අමෙරිකාවේ මියගිය සංඛ්‍යාව 97,647ක්. පූර්ණ සුවය ලබා ඇති පිරිස 403,201ක් ලෙස වාර්තාවේ. කොවිඩ්-19 පැතිරයාමත් සමඟ අමෙරිකාව තුළ වඩාත්ම පීඩාවට පත් වූ ප්‍රාන්තය වන්නේ “නිව්යෝර්ක්“ ප්‍රාන්තයයි. මේ වනවිට එම ප්‍රාන්තයේ පමණක් කොවිඩ්-19 රෝගය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 28,853ක්.

    Latest News