පාකිස්තානය ගුවන් අනතුරෙන් 56 ක් මරුට

මැයි 23, 2020

    පාකිස්තානයේ කරච්චි නුවර සිදුවූ ගුවන් අනතුරෙන් 56 දෙනෙකු මිය ගොස් තිබේ.

    ගුවන්‌ යානය ඊයේ අනතුරට පත්වත අවස්ථාවේ එහි ගමන්ගත්‌ මගීන්‌ සංඛ්‍යාව 99 කි.

    දිවිගලවා ගත්‌තේ මගීන්‌ දෙදෙනෙකු පමණයි. අනෙකුත්‌ පුද්ගලයන්‌ සම්න්ධයෙන්‌ විමර්ශන සිදු කෙරෙනවා. අනතුරට ලක්වූයේ පකිස්තාන ගුවන්‌ සේවයට අයත්‌ එයාර්‌ බස්‌ 'ඒ - 320' වර්ගයේ යානයක්‌. එය පකිස්තානයේ ලාහෝර්‌ නුවර සිට කරච්චි නගරය බලා පියාසර කරමින්‌ තිබුණා. ගුවන්‌ තොටුපොලට කිලෝමීටර 03 ක්‌ නුදුරින්‌ පිහිටි නිවාස සංකීර්ණයක්‌ මතට යානය මෙසේ කඩා වැටුණා. එහි පදිංචිව සිටි පුද්ගලයින්‌ 30 දෙනෙකු ද සිද්ධියෙන්‌ තුවාල ලැබුවා. යානාවේ දත්ත පටිගත කිරිමේ යන්තුය තවමත්‌ හමුවී නැහැ. අනතුර සම්බන්ධයෙන්‌ විනිවිද පෙනෙන පරීක්ෂණයක්‌ පවත්වන බවයි, පකිස්තාන ජාත්‍යන්තර ගුවන්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආර්ෂච්‌ මලික්‌ පවසන්නේ, විපතට පත්වුවන්‌ සොයා, තවදුරටත්‌ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    Latest News