චීනයේ ධාන්‍ය අර්බුදයක් ඇති වීමට කිසිඳු ඉඩක් නැහැ

මැයි 22, 2020

    චීනයේ ධාන්‍ය අර්බුදයක් ඇති නොවන බව චීන කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය හැන් චාං ෆු මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ අද (22) ආරම්භ වූ 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැසිවාරය පැවැත්වූ ප්‍රථම සම්මුඛ සාකච්ඡා ක්‍රියාකාරකමේදී ය.

    චීන ධාන්‍ය නිෂ්පාදනය වසර 5ක් තිස්සේ මෙට්‍රික් ‍ටොන් මිලියන 65කට වැඩි වී ඇති බවත් චීනයේ ඒක - පුද්ගල ධාන්‍ය ප්‍රමාණය ජාත්‍යන්තර මට්ටමට වඩා ඉහළින් පවතින බවත් ඔහු එහිදී කියා සිටියේය.

    ධාන්‍ය නිෂ්පාදනය කිසිවිටක ලිහිල් නොකළ යුතු බව ඔහු අවධාරණය කරයි.

    මේ වසරේ ධාන්‍ය නිෂ්පාදනය ස්ථාවර කිරීම වෙනුවෙන් අසාමාන්‍ය පියවර රැසක් ගෙන තිබේ.

     

    Latest News