කොරෝනා සුවකරන ඖෂධ දෙකක්

මැයි 22, 2020

    කොරෝනා වෛරසය සඳහා ඖෂධ දෙකක් සායනිකව පරීක්ෂා කිරීමට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සූදානම් වෙයි. මැලේරියා රෝගයට යොදාගත් ඖෂධ දෙකක් එලෙස යොදා ගැනීමට නියමිත බවයි, වාර්තා වන්නේ.

    ක්ලෝරෝක්වින් සහ හියිඩ්‍රොක්සික්ලෝරෝක්වින් ලෙස හඳුන්වන මෙම ඖෂධ දෙක මගින් කොරෝනා වෛරසය වැළැක්වීම හෝ ඊට ප්‍රතිකාර කිරීමට හෝ ඇති හැකියාව සොයා බැලෙයි.

    රසායනාගාර සාක්ෂි මගින් එම ඖෂධවල ඊට අදාළ එලදායිතාව පෙන්වාදී ඇති බවයි, වාර්තා වන්නේ. කෙසේ වුවද, එලදායිතාව සොයා ගැනීම සඳහා අදාළ ඖෂධ සායනිකව අත්හදා බැලීමක් මෙතෙක් සිදුකර නොමැති බැවින්, පරීක්ෂණ සඳහා තෝරාගත් රෝගීන් හා රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් යොදාගනමින් එය සිදුකිරීමටයි, අපේක්ෂා කෙරෙන්නේ. බැංකොක්හි නිවර්ථන වෛද්‍ය ඒකකයේ සහය ඇතිව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය අධ්‍යයන අඩවි 25ක් ඇසුරින් මෙම පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි, වාර්තා වන්නේ.

    Last modified on සිකුරාදා, 22 මැයි 2020 11:59

    Latest News