බ්‍රසීලයේ 1,500ක් එකවර..පැය 48කින් ප්‍රතිඵල

මැයි 22, 2020

    බ්‍රසීලයේ සාඕ පවුලෝහි රෝහලක් එකවර 1,500කට අධික පිරිසකගේ කොරෝනා වෛරස පරීක්ෂා කිරීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

    එහි වෛද්‍යවරුන් පවසන්නේ, එමගින් පැය 48ක් ඇතුළත ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවක් පවතින බවයි. රෝගීන් විශාල ප්‍රමාණයක් පරීක්ෂණයට භාජනයට කරමින් ජාන තාක්ෂණය ඔස්සේ ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇද්ද, යන්න මෙමගින් පරීක්ෂා කෙරේ. කොරෝනා වෛරසය ආසාදනය වීම පිළිබඳ සොයා බැලීමටද, යොදා ගැනෙන්නේ, ජාන විකෘති සොයා ගැනීමේ තාක්ෂණික ක්‍රමවේදයයි.

    සාමාන්‍ය පරීක්ෂණ ක්‍රම මඟින් දිනකට සිදු කෙරෙන රෝගී පරීක්ෂණ සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කිරීම තුළින් ඉදිරියේ දී රෝගය පැතිරීම පාලනය කිරීමට මේ ක්‍රමය බොහෝ සෙයින් වැදගත් වන බව, වෛද්‍යවරුන් පවසයි.

    Last modified on සිකුරාදා, 22 මැයි 2020 12:00

    Latest News