icc

දිනක් තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වූයේ අදයි

මැයි 21, 2020

    එක් දිනක් තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ වැඩිම සංඛ්‍යාව ඊයේ (20) දිනයේ වාර්තා වී තිබේ.

    ගත වූ පැය 24 තුළ පමණක් වෛරස ආසාදිතයින් එක් ලක්ෂ 6000ක් හඳුනා ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

    ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලය, අමෙරිකා එක්සත් ජනපදය, රුසියාව සහ ඉන්දියාව යන රටවල්වලින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.  මේ වනවිට ලොව පුරා කොවිඩ් නයින්ටීන් ‍වෛරස ආසාදිතයින් පනස් ලක්ෂ 82,244 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

    Latest News