ඉන්දුනීසියා සුනාමියේ මරණ සංඛ්‍යාව තවත් ඉහළට

දෙසැ 24, 2018

    ඉන්දුනීසියාවේ ගිනිකන්දක් පුපුරායාමෙන් ඇතිවූ සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 281 දක්වා ඉහළ යයි.

    තුවාල ලැබූ පිරිස දහසකට අධිකයි. ගිනිකන්ද තවදුරටත් විදාරණය වීම හේතුවෙන් සුනාමි අනතුරු අවදානමක් පිළිබඳව ජනතාව බියට පත්ව සිටිති. ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර සන්ධියේ අනක් ක්‍රකටව් ගිනිකන්ද පිහිටා තිබේ. උසින් මීටර 305ක් වන එය ඉකුත් ජුනි මස සිට සක්‍රියව පවතී.

    පසුගිය සෙනසුරාදා රාත්‍රී ගිනිකන්ද පුපුරා සුළු මොහොතකට පසු මීටර 03ක් පමණ උස සුනාමි රළ හට ගැනිණ. ගිනි කන්දේ කොටසක් මුහුදට නායයාමෙන් සුනාමිය ඇති වූ බව ගිනි කඳු පිළිබඳ විද්‍යාඥයෝ පවසති. සුනාමියෙන් ජාවා හා සුමාත්‍රා හි පිහිටි පළාත් රැසකට දැඩි හානි සිදුවිය.

    Iendonee px 900 18 12 24

     

    වෙරළාසන්නයේ සංගීත සංදර්ශනයක නිරතව සිටි රොක් සංගීත කණ්ඩායමක් මුහුදු රළට ගසාගෙන යන ආකාරය මාධ්‍ය ඔස්සේ මෙලෙස වාර්තා විය. එම සංගීත කණ්ඩායමේ සාමාජිකයෝ තිදෙනෙක් හා කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් මිය ගියහ. දිවි ගලවාගෙන ඇත්තේ, සංගීත මෙහෙයවන්නා පමණි. ඔහුගේ බිරිඳ හා සාමාජිකයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇත.

    සුනාමියෙන් විපතට පත් ප්‍රදේශවල ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩොඩෝ අද චාරිකා කළේය. අති උත්තම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ද විපතට පත්වූවන් වෙනුවෙන් වතිකානයේ දී යාඥා කළහ. අනක් ක්‍රකටව් ගිනිකන්ද තවදුරටත් විදාරණය වෙමින් පවතී. එය ගුවනට දිස්වුයේ මේ අයුරින්.

    anak px 900 18 12 24

     

    1983 වසරේ අගෝස්තු මාසයේ මෙම ගිනිකන්ද පුපුරා යාමෙන් හටගත් සුනාමියෙන් 36,000ක් පමණ මියගියහ. ලොව ගිනි කඳුවලින් 13%ක් ඉන්දුනීසියාවේ පිහිටා තිබේ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සදුදා, 24 දෙසැම්බර් 2018 20:34

    Latest News