නවාස් ෂරීෆ්ට වසර හතක සිර දඬුවමක්

දෙසැ 24, 2018

    පකිස්තාන අධිකරණය එරට හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට යළි සත් වසරක සිර දඬුවමක් නියම කරයි.

    තම වත්කම් බැරකම් ප්‍රකාශයට පරිබාහිරව විදේශයක වත්කම් පවත්වාගෙන යාම ඔහුට එරෙහි චෝදනාවයි. සෞදි අරාබියේ පිහිටි අල් අසීසියා සමාගමේ හිමිකාරත්වයට අදාළ ආදායම් හෙළි කිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඉස්ලාමාබාද් දූෂණ විරෝධි අධිකරණය හිටපු අගමැතිවරයාට දඬුවම නියම කර තිබේ.

    තම නායකයා සිරගත කළහොත් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන බවට ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය ප්‍රකාශ කර තිබිණ. එම නිසා තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ උසාවිය අවට දැඩි ආරක්‍ෂක විධිවිධාන යටතේයි.

    තෙවරක්ම පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධූරයට පත් නවාස් ෂරීෆ් පසුගිය ජූලි මාසයේ ද දූෂණ චෝදනා මත බන්ධනාගාර ගත කෙරුණ ද මහාධිකරණය මගින් ඔහුට ඇප ලබාදී තිබිණ.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News