ඉන්දුනීසියා සුනාමියෙන් 168ක් මරුට

දෙසැ 23, 2018

    ඉන්දුනිසියාවේ සිදුවූ භූමි කම්පාවක් හේතුවෙන්, සුනාමි තත්වයක් හටගනී.

    62ක් මිය ගියහ. 600කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. භූමිකම්පාව හටගෙන ඇත්තේ එරට සුන්ද්‍රා සමුද්‍ර සන්ධියේ පිහිටි ක්‍රැකටෝවා ගිනිකන්ද ආශ්‍රිතවයි. ඊයේ ඇති වූ මේ භූමිකම්පාවෙන් ගොඩනැගිලි විශාල ප්‍රමාණයකට හානි සිදුවී ඇත.

    භූමිකම්පාව සිදුවන අවස්ථාව වනවිට ගිනිකන්ද ද සක්‍රීය වී තිබිණ. විශාල පිරිසක් එය නැරඹීමට වෙරළ ආශ්‍රිතව රැඳී සිටීම නිසා මියගිය පිරිස ඉහළ ගොස් ඇත. භූ විද්‍යාඥයින් පවසන්නේ භූමි කම්පාවට හේතුව බොහෝ විට ගිනිකන්දේ ක්‍රියාකාරීත්වය විය හැකි බවයි.

    Fair px 900 18 12 23

    පැසිෆික් ගිනිවළල්ල ආශ්‍රිතව පිහිටා ඇති ඉන්දුනීසියාවේ ගිනිකඳු ක්‍රියාකාරකම් බහුලව වාර්තාවේ. එහෙත් ගිනිකඳු ක්‍රියාකාරීත්වයක් හේතුවෙන් භූමිකම්පාවක් සහ සුනාමි තත්වයක් ඇතිවීම ඉතා විරළ බව භූ විද්‍යාඥයෝ පවසති.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

     

    Last modified on ඉරිදා, 23 දෙසැම්බර් 2018 12:33

    Latest News