කොව්ඩ්19 ගැන ස්වාධීන පරීක්‍ෂණයකට ඔස්ට්‍රේලියාවෙන් යළිත් ඉල්ලීම්

අප්‍රේ 29, 2020

    කොරෝනා වෛරසය හටගත් ආකාරය හා එය ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳ ස්වාධීන පරීක්‍ෂණයක් සිදු කළ යුතු බව ඔස්ට්‍රේලියාව, යළි අවධාරණය කරයි.

    මෙය සාධාරණ ඉල්ලීමක් බව එමඟින් කිසියම් රටක් ඉලක්ක කොට චෝදනා නොකළ යුතු බව අගමැති ස්කොට් මොරිසන් මහතා ප්‍රකාශ කළේය.

    අදාළ පරීක්‍ෂණ සිදු කරන්නැයි, මීට කලින් ද ඔස්ට්‍රේලියාව, චීනයෙන් ඉල්ලීමක් කළ අතර, ඊට අකමැත්ත ප්‍රකාශ කෙරිණ. අගමැතිවරයා අද කියා සිටියේ, චීනය විවේචනයට ලක් නොවන ආකාරයට පරීක්‍ෂණ සිදු කළ යුතු බවයි. කොවිඩ් 19 රෝගයට ඔරොත්තුදීම සඳහා විවිධ රටවල සිදු කෙරෙන එන්නතක් නිපදවීමේ ක්‍රියාවලියට මෙම තොරතුරු වැදගත් වන බව, ඔහු කියා සිටී. පරීක්‍ෂණයෙන් ලැබෙන තොරතුරු අනුව ඉදිරියේ දී සිදුවිය හැකි සෞඛ්‍ය තර්ජන සඳහා විසඳුම් සෙවීමටද හැකියාව ලැබේ. එබැවින් ලොව පුරා ජනතාවට මෙමඟින් සෙත සැලසෙන බව ඔහු කියා සිටියේය.

    Latest News