කොන්ගෝ ජනාධිපතිවරණය කල් යයි

දෙසැ 21, 2018

    කොන්ගෝ රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය කල් දැමීමට එරට මැතිවරණ කොමිසම තීරණය කරයි. 

    ඡන්ද පත්‍රිකා හිඟය මීට බලපා තිබේ.  කොන්ගෝ මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය දින 10කින් කල් දමන බව ඊයේ නිවේදනය කළේය.  එය පැවැත්වීමට නියමිත තිබුණේ ලබන 23 වැනිදායි. 

    ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පත්‍රිකා ප්‍රමාණවත් පරිදි යෙදවීම ප්‍රමාද වීම මීට හේතුවයි.  මැතිවරණ කොමිසමේ තීරණයට විරෝධතා පළ කරමින් විශාල පිරිසක් වීදි බැස උද්ඝෝෂණය කළහ.  වසර 18ක කාලයක් පාලන බලයේ සිටින, ජනාධිපති ජෝසප් කබීලාගේ අනුප්‍රාප්තිකයා තෝරා පත් කරගැනීම සඳහා මැතිවරණය පැවැත්වීමට නියමිතයි.

    Latest News