ට්‍රම්ප් මෝදී කොරෝනා ආලේ

අප්‍රේ 09, 2020

    ගෝලීය අර්බුදයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩ පැවැත්වීම එක්ව ජයගමු යැයි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට පවසා තිබෙනවා.

    ඒ, සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

    එමගින් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ කෝවිඞ් - 19 වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ඉන්දියාව ඕනෑම සහයෝගයක් ලබාදෙන බවයි.

    අමෙරිකාවේ ඉල්ලීම මත මැලේරියා මර්දන ඖෂධයක් අමෙරිකාවට ලබාදීමට අග‍්‍රාමාත්‍ය මෝදි තීරණය කළා.

    ඒ සදහා අමෙරිකානු ජනාධිපතිවරයා, ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට ස්තූතිය පල කල අතර ඊට ප‍්‍රතිචාර දක්වමිනුයි අග‍්‍රාමාත්‍ය මෝදි මෙලෙස ට්විටර් සටහනක් තබා ඇත්තේ.

     

    Latest News