වැඩිම ජාත්‍යන්තර පේටන්ට් අයදුම්පත් සංඛ්‍යාව චීනයෙන්

අප්‍රේ 09, 2020

    2019 වසරේ වැඩිම ජාත්‍යන්තර පේටන්ට් අයදුම්පත් සංඛ්‍යාවක් ඉදිරිපත් කළ රට බවට චීනය පත්වෙයි.

    ලෝක බුද්ධිමය දේපල සංවිධානය පෙන්වා දුන්නේ, 2019 වසරේ චීනය ඇමරිකාව ඉක්මවා එම සංවිධානයේ පේටන්ට් සහයෝගිතා ගිවිසුම (PCT) යටතේ ජාත්‍යන්තර පේටන්ට් අයදුම්පත් වැඩිම ප්‍රමාණයක් ඉදිරිපත් කළ රට බවට පත්ව ඇති බවයි.

    චීනය එම සංවිධානයේ PCT රාමුව යටතේ පේටන්ට් අයදුම්පත් 58,990ක් ඉදිරිපත් කර තිබේ.

    ඇමරිකාව පේට්න් අයදුම්පත් 57,840ක් ඉදිරිපත් කර තිබු අතර චීනය PCT විශාලතම පරිශීලකයා බවට පත්ව ඇත.

    1999 වසරේ චීනය ලෝක බුද්ධිමය දේපල සංවිධානයට ඉදිරිපත් කළ පේටන්ට් අයදුම්පත් සංඛ්‍යාව 276කි.

     

    Latest News