WHO දායක මුදල් අමෙරිකාව අත්හිටුවීම වසංගත පාලනයට බාධාවක් - චීනය

අප්‍රේ 09, 2020

    ලෝක සෞඛ්‍ය සංවිධානයට දායක මුදල් සැපයීම ඇමරිකාව තාවකාලිකව අත්හිටුවීම වසංගත මර්දන ජාත්‍යන්තර සහයෝගිතාවට හානිකර බව චීනය පවසයි.

    චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian මහතා ඊයේ (8) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

    ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොරොනා වෛරස් වසංගතයට මුහුණ දීමේ කටයුතු වැරදි ලෙස ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඇමරිකාව එම සංවිධානයට ලබා දෙන දායක මුදල් තාවකාලිකව අත්හිටවනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දා ප්‍රකාශ කර ඇත.

    මේ සම්බන්ධයෙන් Zhao Lijian මහතා පැවසුවේ නව කොරොනා වසංගතය ගෝලීය වශයෙන් සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින අවස්ථාවක ඇමරිකාවේ එම ක්‍රියාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිසි මෙහෙයුම්වලට දැඩි බලපෑම් එල්ල කරනු ඇති බවයි.

    එය වසංගත මර්දනය කිරීමේ ජාත්‍යන්තර සහයෝගිතාවට ඉවහල් නොවන බවද හෙතෙම සඳහන් කළේය.

    ඒ ඒ රටවල් එක්ව අන්‍යෝන්‍ය ලෙස සහය දෙමින් ලෝක වසංගත මර්දනය කිරීමට දායකත්වය දිය යුතු බවට චීනය අපේක්ෂා කරයි.

    නව කොරොනා වසංගතය මතු වීමෙන් පසු, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් අද්නාම් ගෙබ්‍රියස් මහතාගේ නායකත්වය යටතේ, ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ඒ රටවලට වසංගතයට මුහුණ දීම සඳහා සහය දෙමින් වසංගත මර්දනය කිරීමේ ජාත්‍යන්තර සහයෝගිතාව වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව Zhao Lijian මහතා එහිදී ප්‍රකාශ කළේය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩකටයුතු වලට චීනය අඛණ්ඩව ස්ථිර ලෙස අනුබල දෙයි.

    ලෝක වසංගත මර්දනය කිරීමේ සහයෝගිතාව තුළ එම සංවිධානය නායකත්වය කාර්යභාරයක් ඉටු කිරීමට චීනය අනුබල දෙන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා අවධාරණය කළේය.

    Latest News