කොරෝනාවේ තවත් අභිරහසක් - ඉරාන වැසියන් 300 ක් බිලි

අප්‍රේ 08, 2020

    වැරදි වැටහීමක් නිසා ජීවිත 300 ක් අහිම වූ පුවතක් ඉරානයෙන් වාර්තා වේ.

    ඒ කොරෝනා - 19 වෛරසයට ප්‍රතිකර්මයක් ලෙස අධිසාන්ද්‍රිත ඇල්කොහොල් පානය කළ ඉරානයේ පුද්ගලයින් 600 කට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති ප්‍රවෘත්තියයි.

    මේ බව විදෙස් මාධ්‍යයක් වන ඩේලිමේල් ටැබ්ලොයිඩ් පුවත් පත වාර්තා කර ඇත.

    එලෙස ඇල්කොහොල් පානය කළ තවත් පුද්ගලයින් 3000 කට අධික පිරිසක් රෝහල් ගත කර ඇති බවත් වාර්තා වේ.

    සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මැද පෙරදිග කලාපයේ කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් වැඩියෙන්ම පීඩාවට පත්වූ රට බවට ඉරානය පත්ව ඇති අතර, මේ වනවිට එරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 64,586 ක් වේ.

    වෛරසය හේතුවෙන් මේ වනවිට මරණ 3,993 ක් ඉරානයෙන් වාර්තා වී තිබේ.

    Latest News