සුළි කුණාටුවකින් සොලමන් දූපත් හී 27 ක් මරුට

අප්‍රේ 08, 2020

    සොලමන්ස් දූපත් හා වනාටු රාජ්‍යය හරහා හමා ගිය ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් හේතුවෙන් 27දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

    පැයට කිලෝමීටර් 135ක වේගයෙන් සුළං හමාගොස් ඇති අතර අනතුරු ඇඟවීම් නොසළකා යාත්‍රාවකින් ගමන් ගත් පිරිසක් මෙලෙස මියගොස් තිබේ.

    සොලමන්ස් දූපත් ආසන්නයේදී ඔවුන් අනතුරට ලක්වී ඇත.

    සොලමන්ස් දූපත් හරහා හමා ගිය කුණාටුව වනාටු දේශයට පිවිසීමෙන් පසු එයින් සන්මා පළාතට දැඩි බලපෑම් ඇතිවූ බව බලධාරීහු පවසති.

    Latest News