කෙරෝනා ගෙනා වූහාන් යළි විවෘත වේ

අප්‍රේ 08, 2020

    කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දෛනික කටයුතු සියල්ල අත්හිටුවා තිබූ වූහාන් නගරය අද සිට නැවත සිය ගමන අරඹයි.

    ඒ අනුව, කිසියම් පුද්ගලයකුට අවශ්‍ය නම් අද සිට නගරයෙන් පිටත සංදාරය කළ හැකියි.

    මීට සති 11 කට පෙර වූහාන් නගරය සෙසු ලෝකයෙන් හුදෙකලා විය.

    වූහාන් නගරයේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින අතර, ලෝකයේ ඇතැම් රටවල තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරෙමින් පවතී.

    මේ අතර, සඳුදා වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවට වඩා අද වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව ද අඩුවී ඇත.

    විදේශීය සංචාරකයින් විසින් නැවතත් ආසාදන රැල්ලක් ඇති කරනු ඇති බවට අනතුරු අඟවා තිබේ.

    මේ නිසා විදේශිකයින් සඳහා දේශසීමා වසාදමා ඇති අතර දැඩි නීති රීති ක්‍රියාත්මක වේ.

    Latest News