ස්පාඤ්ඤයේ රෝගීන් සුවවීම සංඛ්‍යාත්මකව ඉහළට

අප්‍රේ 08, 2020

    ස්පාඤ්ඤයේ කොරෝනා රෝගීන් සුව අතට හැරීම වේගවත් වී ඇති බව, සෞඛ්‍ය බලධාරීන් පවසයි. දැනට සුවය ලබා ඇති පිරිස 43,208ක්.

    ස්පාඤ්ඤයෙන් මේ දක්වා කොරෝනා රෝගීන් එක් ලක්ෂ හතළිස් එක් දහස් නවසිය හතළිස් දෙදෙනෙකු වාර්තා වී තිබේ. ගත වූ පැය 24 තුළ මරණ සංඛ්‍යාව 14,045ක් දක්වා ඉහල ගිහින්. රෝගයෙන් පීඩා විඳින සෙසු රටවලට සාපේක්ෂව, ස්පාඤ්ඤය තුළ රෝගීන්ගේ සුවවීම, සංඛ්‍යාත්මකව ඉහළ අගයක් ගෙන ඇති බව එරට සෞඛ්‍ය කමිටු ප්‍රධානී මාරියා ජෝස් පවසයි.

    රෝගය පැතිර යාමේ වේගය මන්දගාමී වී ඇති අතර, වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන් සංඛ්‍යාව ද අඩුවෙමින් පවතින බවයි, ඇය පෙන්වා දෙන්නේ.

    Last modified on බදාදා, 08 අප්‍රේල් 2020 10:18

    Latest News