ලොව පුරා කොරෝනා මරණ 81000 ඉක්මවයි

අප්‍රේ 08, 2020

    ලොව පුරා 'කොවිඩ් 19' වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති ප්‍රමාණය 1,430,130ක්.

    මේ වන විට ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 81,995කට අධිකයි. මේ අතර ප්‍රංශයෙන් ඊයේ දිනයේ මරණ 833ක් වාර්තා විය. මේ වන විට ප්‍රංශයේ මිය ගිය මුළු සංඛ්‍යාව 10,328ක්.
    ප්‍රංශයේ කොවිඩ් - 19 ආසාදිත රෝගීන් සංඛයාව 109,069ක්.

    කොවිඩ් 19 හේතුවෙන් ලෝකයේ වැඩිම පිරිසක් මරණයට පත් වූ රට ලෙස දැනට වාර්තා වන්නේ ඉතාලියයි. ඉතාලියේ දැනට සිදුවී ඇති මරණ ගණන 17,127ක්.ඊයේ දිනය තුළ පමණක් එරටින් මරණ 636ක් වාර්තා විය.

    වෛරසයෙන් වැඩිම බලපෑමකට ලක්වූ දෙවැනි රට වන්නේ ස්පාඤ්ඤයයි. මේ දක්වා එරටින් වාර්තා වූ මුළු මරණ සංඛ්‍යාව 14,045ක්. වාර්තා වූ මරණ සංඛ්‍යාව 700ක්.

    Last modified on බදාදා, 08 අප්‍රේල් 2020 10:02

    Latest News