ස්වසන යන්ත්‍ර ලක්ෂ 2ක් දෙන්න අමෙරිකාව සූදානම්

අප්‍රේ 08, 2020

    අමෙරිකාවේ කොරෝනා රෝගීන්ගේ ස්වසන ආබාධ මඟහරවා ගැනීමේ යන්ත්‍ර ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක සැපයුම් තොගයක් පවතින බව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    රටට අවශ්‍ය යන්ත්‍ර ප්‍රමාණය තබා ගන්නා අතර, අනෙකුත් යන්ත්‍ර සෙසු රටවල් වෙත ලබා දීමට සූදානම් බව ද ඔහු කියා සිටියි.

    ධවල මන්දිරයේ පැවති සාකච්ජාවක දී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව මුල් වරට මාධ්‍යයට හෙලිකරමින් ස්වසන යන්ත්‍ර 8,675ක් දැනට පවතින බවත්, අවශ්‍ය ප්‍රාන්ත සඳහා ඒවා ලබාගත හැකි බවත්, සඳහන් කළේය. සති කිහිපයක් තුළ තවත් යන්ත්‍ර එක් ලක්ෂ දස දහසක ප්‍රමාණයක් ජාතික අවශ්‍යතාවය සහිත, තොගයකට ලබා දීමට නියමිතයි. එක්සත් රාජධානිය, අමෙරිකාවේ කොරෝනා රෝගීන්ගේ ස්වසන ආබාධ මගහරවා ගැනීමේ යන්ත්‍ර 200ක් ඉල්ලා ඇති අතර එය හැකිතාක් ඉක්මනින් සපයා දෙන බවටද, ජනාධිපතිවරයා සහතික වී තිබේ.

    Last modified on බදාදා, 08 අප්‍රේල් 2020 09:48

    Latest News