ඉන්දියාව සති 3ක් වසයි

මාර් 25, 2020

    තම පුරවැසියන්ට නිවෙස්වලට වී සිටින්නැයි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දැනුම්‌ දී තිබේ.

    ඒ, ඊයේ රාත්‍රී විශේෂ ප්‍රකාශයක්‌ සිදු කරමිනි‌. COVID-19‌ රෝගීන්‌ 536 දෙනෙකු වාර්තාවීමත්‌ සමග මෙම තීරණය ගනු ලැබිණි. COVID-19‌ වෛරසයෙන් එරට මිය ගිය සංඛ්‍යාව 10කි.

    මීට පෙර‌ දිල්ලිය ඇතුළ ප්‍රධාන නගර කිහිපයක පනවා තිබූ හදිසි තත්වය ඊයේ සිට රට පුරා ක්‍රියාත්මක කර තිබේ. ජනතාව නිවෙස්වලම සිටිය යුතු බවත් බැහැරට යාම මුළුමනින්ම තහනම්‌ බවත් අග්‍රාමාත්‍යවරයා ඊයේ රාත්‍රියේ සිදු කළ කතාවේදී සඳහන්‌ කළේ ය. මෙය දින 21 කාලයක්‌ බවයි වාර්තා වන්නේ.

    Latest News