COVID-19 සඳහා ස්වයං පරීක්ෂාවකට ක්‍රමවේදයක් අමෙරිකාවෙන්

මාර් 25, 2020

    පුද්ගලයන් හට නිවසේ සිට COVID-19 සඳහා ස්වයං පරීක්ෂාවකට එක්විය හැකි ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට අමෙරිකාව සමත්ව තිබේ.

    මයික්‍රෝසොෆ්ට් හා ඇමර්සන් සමාගම් එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. නව ක්‍රමවේදය හඳුන්වාදීමට අරමුදල් සපයනු ලබන්නේ බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනම විසිනි. දැනට මෙම පරීක්ෂණ ක්‍රමය අමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ පමණක් ක්‍රියාත්මකව තිබේ.

    මෙහිදී පරීක්ෂණ කට්ටල නිවසට ගෙන්වා ගැනීමටත් සාම්පල ලබාගැනීමෙන් අනතුරුව විද්‍යාගාර වෙත යැවීමටත් මෙම නව පරීක්ෂණ කට්ටලය මගින් හැකිවේ. එම පරීක්ෂණ තොරතුරු අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමට හැකි වන අතර මෙම තොරතුරු අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමට හැකි වන අතර මෙම තොරතුරු මගින් ප්‍රජාව අතර වෛරසය පැතිරෙන ආකාරය අධ්‍යයන කිරීමටද හැකියාව ලබා දෙයි. යම් පුද්ගලයන් හට වෛසරය වැළදී තිබුණද ඔවුන් තුළින් රෝග ලක්ෂණ නොපෙන්වීම හෝ සුළු වශයෙන් පෙන්වීම හේතුවෙන් රෝගය බෝවීම වැඩි විය හැකි බවයි වෛද්‍යවරු පවසන්නේ. වෛරසය පැතිරයාම වැළැක්වීමට අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරිම උදෙසා මෙම නව ක්‍රමය ක්‍රියාත්මක වන අතර එහි යහපත් ප්‍රතිඵල ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Latest News